Sri Dalada Maligawa
ශ්‍රී දළදා මාළිගාව
මුල් පිටුව
ඉතිහාසය
තනතුරු
දළදා තේවා
මුළුතැන් පුඡාව
දළදා පෙරහැර
ඇත් පන්තිය
Contect us
දියවඩන නිළමේ තනතුර
පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.
දියවඩන නිළමේවරු
වර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට
Sri Dalada Maligawa