මුළුතැන් පුඡාව
දළදා වහන්සේ උදෙසා සිදුුකරන බුද්ධපූජා කටයුතු දළදා මාලිගාවට පමණක් ආවේණික චාරිත්රමාලාවක් ලෙස පැවැත්වේ. මෙම පූජාව දීඅමුතු මුළුතැන් පූජාව” ලෙස ද හදුන්වනු ලැබේ. මුලින් කී පරිරිදි මෙම පූජාව සදහා හාල් සේරු දෙකක දානයක් ව්‍යංජන දෙකක් අවුල්පත් සදහා කැවුම් වර්ග හතරක් ද දිනපතා පිලියෙළ කරනු ලැබේ. එකළ රජමාලිගාවේ රාජභෝජනයක් සදහා හාල් සේරු දෙකක් හා ව්‍යංජන වර්ග දෙකක් සකස් වී ඇති අතර රජවරු ආහාර ගැනීමට මුලින් දළදා වහන්සේ වෙනුවෙන් බුද්ධපූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බුද්ධ පූජාව වෙනුවෙන් වර්තමානය දක්වාම පැවත එන්නේ එම චාරිත්‍ර බව පැහැදිලිය. නියමිත වෙලාවට තේවා කටයුතු අවසන් කිරීමෙන් පසුව හක්ගෙඩි නාද කිරීමත් සමග එකිනෙකය දොරවල් වසා තේවා කටයුතු වල නිරත වූ ගිහි පැවිදි පිරිස පහළට බසිති. අවසාන රිදී දොරටුව වැසීමෙන් පසුව ප්‍රධාන යතුරු කට්ටලය ඔතා ඒ මත පල්ලේමාලේ යතුරු කට්ටලයද ඔතා එකට තබා බදිනු ලැබේ. එම කි‍්‍රයාවලිය සදගල අසලදී සිදු කරනු ලබන අතර යතුරු කට්ටලය සේප්පුවට දමා වසා එම යතුර වට්ටෝරුරාළ විසින් නායක හිමියන්ට භාරදීම ඉන් අනතුරුව සිදු වේ.
අතීතයේ පටන් සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ තේවා කටයුතු සිදුවන්නේ ඉහත පරිදිය. ඒ අයුරින් දළදා වහන්සේ සදහා දෛනිකව පවත්වනු ලබන පුද සත්කාර ද ක්‍රමවත්ව පිළිවෙලකට අතීතයේ පටන් සිදුවන බවත් ඒ හරහා එවකට පැවති සමාජ ස්ථරායනයේ ස්වරූපය කෙබදුද යන්න පිළිබදවත් අවබෝධයක් ලැබේ. විශේෂයෙන් මහනුවර යුගයේ පැවති කුල ධූරාවලිය පිලිබද බොහෝ තොරතුරු ඒ හරහා ගම්‍ය වේ.