දළදා පෙරහැර මංගල්‍යය
ශ්‍රී ලංකාවෙහි පවත්වන්නාවූ උදාර සම්ප්‍රදායික මහෝත්සවයකි, දළදා පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්ය්ය දළදා මාලිගාව සහ අස්ගිරි / මල්වතු මහා විහාරය මගින් සංවිධානය කෙරේ. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ රන්දෝලි පෙරහැරයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි. . දළදා මාළිඟාවේ පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර
|
වර්තමාන දළදා පෙරහැර
දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය. රන්දෝලි පෙරහැර
රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි. පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ. මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි. පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
|